භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
ALIWANGUWA M.V.

අලිවංගුව මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • Register
  • Login
ALIWANGUWA M.V.

අලිවංගුව මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

1958 ඇරඹි පදවි ගොවි ජන පදිකයන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට එකල පාසලක් නොවූ අතර ප්‍රදේශවාසියෙක් වූූ සනත් බාසුන්නැහේ නැමැති අයකුගේ ඉඩමේ පොල්අතු සෙවිලි කර කටු මැටි බිත්ති වලින් සැකසු මඩුවක ගමේ ළමුන් 25 දෙනෙකු එක් රැස් කරගෙන නොවිධිමත් ආකාරයට බිහි වූ පාසලෙහි සොයිදා හාමි, කුසුමාවති, රාජපක්ෂ, බිසො මැණිකේ යන ගුරු මහත්වරුන් වැටුපක් නොලබාම සේවය කළේය. 1961/07/21 දින එක් ගොඩනැගිල්ලක් හා සිසු දරුවන් 25 දෙනෙකු සමගින් අ/අලිවංගුව මහා විද්‍යාලය නමින් පාසල ස්ථාපිත වුයේ ය. ආරම්භක විදුහල්පති වශයෙන් හේවාවිතාරණ මැතිදුන් සේවය කළේය. ඉන්පසු ඉතා දුර බැහැරින් පැමිණි විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පාසල සංවර්ධනය කිරීම සඳහා බොහෝ ඇප කැප වූහ. ආරම්භයේ 9 ශ්‍රේණිය දක්වා පංති තිබූ අතර 1965 දී මුලින්ම ජේෂ්ඨ විභාගයට සිසුන් පෙනී සිටියහ. 1979 වර්ෂයේදි 10 දක්වා පන්ති වර්ධනය වූ අතර 1981 වර්ෂයේදි උසස් පෙළ කලා අංශයෙන් පංති ආරම්භ විය. 1984 දී උසස් පෙළ වාණිජ අංශයේ පංති ආරම්භ කර පවත්වා ගෙන මෙම පාසලේ 1-13 දක්වා සමාන්තර ශ්‍රේණි 2 බැගින් පවත්වා ගෙන ගිය අතර 2014 වර්ෂයේ සිට 6 ‌ශ්‍රේණියේ සමාන්තර ශ්‍රේණි 3 බැගින් පවත්වා ගෙන යමින් ක්‍රමික වර්ධනයට ලක් ‌වෙමින් ප්‍රදේශයේ දිදුලන පාසලක් බවට පත්ව ඇත. 2016/02/11 දින සිට 5-13 ශ්‍රේණි පමණක් පවත්වා ගෙන යන ද්විතියික පාසලක් වශයෙන් පවත්වාගෙන ගිය අතර 2017 සිට 6-13 පංති පැවැත්වෙන ද්විතියක පාසලක් වශයෙන් ක්‍රියාත්මක වේ.

 වර්මාතනය වන විට මෙම පාසලේ 680 ක පමණ ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබයි. 1- සි පාසලක් වන මෙහි 6 ‌ශ්‍රේණියේ සිට 11  ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති 3 බැගින් පැවැත්වෙන අතර අ.පො.ස(උ. පෙළ) කලා විෂය ධාරාවන් අධ්‍යාපනය ලබයි. ක්‍රීඩා, සෞන්දර්ය(චිත්‍ර, නැටුම්, සංගීත, රංගකලා) ද, ත්‍රෛභාෂා (සිංහල, දෙමළ, ඉංග්‍රිසි) සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ යන අංශවලින් කලාප, පළාත්, සමස්ත ලංකා ජයග්‍රහණ හිමි කර ගන්නා පාසලකි. අ.පො.ස(සා.පෙළ) විභාගයෙන් කොට්ඨාසයේ 2 ස්ථානය හිමිකර ගත් අතර අ.පො.ස(උ.පෙළ) විභාගයෙන් විශාල සංඛ්‍යාවකට විශ්ව විද්‍යාල වරම් ලැබුණු ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් බවට කීර්තිය පතුරුවා ඇත. වර්තමාන කොවිඩ් -19 තත්වය හමුවේ දරුවන්ගේ අධ්‍යාපන තත්වය නගා සිටුවීම සදහා Online තාක්ෂණය භාවිතයෙන් ඉගෙනුම් ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කර ගෙන යාමට අප පාසලට හැකි විය.

ALIWANGUWA M.V.

අලිවංගුව මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • :  
  • Abhayapura, Padavi, Sripura

: (+94)252255015

: (+94)770490268

: [email protected]

Supported By

© 2025 ALIWANGUWA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk