පාසල් ගීතය
දියත බබලවන ගගන පුරා විද
ක්ෂිර සාගරෙන් නැගුණු ධවල රළ
බදුන් පුරා හිස් ඥාන නොසරු සිත්
රුවෙන් වැඩෙන් නිති පුරවා ලූ දිය
අලිවංගුව විදුහල් මෑණි දෙපා නමදිම්......//
හෙළයේ කිතුගොස විකසිත කරනට
දීපෙන් දීපය දල්වා ලූ නැණ
එළියෙන් දිවි මග එකලු කරන්නට
දිරිය බලය දී නුවණ පහන් කළ
අලිවංගුව විදුහල් මෑණි දෙපා නමදිම්.....//
නුවණ කෙතේ අප වපුල නිසරු බිජු
ඥාන දියෙන් ඔබේ සුසැදි සාර පැළ
රන් අස්වනු ගෙන රට දැය වැඩුමට
ඔබයි මවුනි සැම සුමටග යොමු කළ
අලිවංගුව විදුහල් මෑණි දෙපා නමදිම්.....//