පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිල ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (6-9)
- නිල් කොට කලිසමෙයි ඉදිරිපස ඉණ සදහා රැළි දෙක බැගින් දෙපසට තැබිය යුතුය.
- දෙපස සාක්කු හා පිටුපස සාක්කුව සහිත විය යුතුය.
- කලිසමෙහි උස දණහිස සිට අගල් දෙකක් ඉහලින් තිබිය යුතුය.
- කලිසම කකුල කෙලවර වට ප්‍රමාණය කකුලෙහි ප්‍රමාණයට වඩා අඟල් 6ක් වැඩි විය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)
- ඉදිරිපස ඉන පෙදෙස රැළි දෙක බැගින් තැබිය යුතුය.
- දෙපස සාක්කු හා පිටුපස දකුණුපස සාක්කුව තැබිය යුතුය.
- කලිසම ඉණ පටියෙහි වම්පස කොටස දකුණුපස කොටසට වඩා 5cm ක් දීර්ඝ විය යුතුය.
- කලිසම පහළ කකුල් වට අගල් 16 ක් විය යුතුය.එම වට ප්‍රමාණයට සාපේක්ෂව උකුල් පෙදෙස මදක් ලිහිල්ව තිබිය යුතුය.ශරීරයට තද වන සේ කලිසම සකස් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (6-13)
- කොණ්ඩය හිස මැදින් හොඳින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
- ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
- සුදු මේස්, සුදු සපත්තු පැළඳිය යුතුය.
- කොණ්ඩය කන නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
- කොණ්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
- බඳ පටිය අඟල් 2කට නොවැඩි විය යුතුය.
